මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මද සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ
උස් තැන් දැක ඇකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
සන්ථව කාව්‍ය රත්නාවලී – 04
දරු නැළවිල්ල හෙවත්
ජාතික තොටිල්ල
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.