Comments Off on මුතු අකුරට පෙර – දෙවන අදියර – ගණිත සංකල්ප
මුතු අකුරට පෙර – දෙවන අදියර – ගණිත සංකල්ප
Comments Off on මුතු අකුරට පෙර – පළමු අදියර – පෙර කියවීම
මුතු අකුරට පෙර - පළමු අදියර - පෙර කියවීම
Comments Off on මුතු අකුරට පෙර – දෙවන අදියර – පෙර කියවීම
මුතු අකුරට පෙර - දෙවන අදියර - පෙර කියවීම
Comments Off on මුතු අකුරට පෙර – දෙවන අදියර – පෙර ලිවීම
මුතු අකුරට පෙර - දෙවන අදියර - පෙර ලිවීම
Comments Off on මුතු අකුරට පෙර – දෙවන අදියර – ක්‍රියාකාරකම්
මුතු අකුරට පෙර - දෙවන අදියර - ඉලක්කම්
Comments Off on මුතු අකුරට පෙර – පළමු අදියර – ක්‍රියාකාරකම්
මුතු අකුරට පෙර - පළමු අදියර - ක්‍රියාකාරකම්
Comments Off on මුතු අකුරට පෙර – දෙවන අදියර – ඉලක්කම්
මුතු අකුරට පෙර - දෙවන අදියර - ඉලක්කම්
Comments Off on මුතු අකුරට පෙර – දෙවන අදියර – අත්වැඩ
මුතු අකුරට පෙර - දෙවන අදියර - අත්වැඩ
Comments Off on මුතු අකුරට පෙර – පළමු අදියර – අත්වැඩ
“මුතු අකුරට පෙර” නමින් පොත් 10කින් සමන්විත පොත් පෙළක් වයස අවුරුදු 3-5ත් අතර පොඩිත්තන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. මෙය ඉන් දෙවන පොතයි.
මුතු අකුරට පෙර – පළමු අදියර – අත්වැඩ
නිවසින් පෙර පාසලට පළමුවෙන් පියනගන අවුරුදු 3ක් සපිරුන සිඟිති දරුවාගේ බුද්ධි සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිරන්තර චලනයන් හි නිරත වීම අත්‍යවශ්‍ය වේ.
මොළයේ ඇති කෝටි සංඛ්‍යාත නියුරෝන සක්‍රිය වී එකිනෙක ජාල සැකසෙමින් ජීවිත කාලය පුරාවට ම අවශ්‍ය හැකියාවන් හා නිපුණතාවලින් පරිපූර්ණවීමට මනෝචාලක ක්‍රියාකාරකම් ප්‍රබල මෙහෙයක් ඉටු කරයි.
දරුවාගේ වයසට උචිත ලෙස මනෝවිද්‍යාත්මක සහ විධිමත්ව සැකසූ නිර්මාණශිලී ක්‍රියාකාරකම් 57ක් මෙහි අන්තර්ගතය. මෙහි ලබා දී ඇති සෑම ක්‍රියාකාරකමක් ම කුතූහලය දනවමින් දරුවාට අලුත් අත්දැකීම් ලබමින් සතුටින් නිරත වීමට හැකි වන ලෙස සම්පාදනය කර ඇත.
මෙම ක්‍රියාකාරකම් මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතිවලට අදාළව දළ චාලක කුසලතා මෙන් ම විශේෂයෙන් සියුම් චාලක කුසලතා දියුණු කිරීමටත් ඒ මගින් දරුවාගේ බුද්ධිය ප්රමුඛ වූ ප්රජානන හැකියාවන් (සිතීම, තර්කනය, ගැටලු විසඳීම, වැනි බුද්ධිමය හැකියා) දියුණු කිරීමටත්, දරුවා තුළ පරිකල්පනය ගොඩ නගමින් ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය මූලික පදනම විධිමත්ව ගොඩනැගීමටත් මහත් පිටිවහලක් වනු ඇත.
Comments Off on මුතු අකුරට පෙර – පළමු අදියර – ඉලක්කම්
“මුතු අකුරට පෙර” නමින් පොත් 12කින් සමන්විත පොත් පෙළක් වයස අවුරුදු 3-5ත් අතර පොඩිත්තන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. මෙය ඉන් පළමු පොතයි.
මුතු අකුරට පෙර – පළමු අදියර – ඉලක්කම්
වයස අවුරුදු 3-4 අතර දරුවන්ට 1 සිට 5 දක්වා ඉලක්කම් හඳුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය දරුවාගේ මනසේ තහවුරු කිරීමේ අරමුණින් මෙම පොත සම්පාදනය කර ඇත.
ගණිතය ප්‍රායෝගික විෂයකි. ජීවිතයේ බොහෝ අවස්ථාවල ගණිතය ප්‍රයෝගිකව යොදා ගැනීමට අවස්ථාවක් උදාවේ.
නිවස ආශ්රිත කටයුතුවලදි ඔබගේ දරුවාට ප්‍රියජනක වන ලෙස ඉලක්කම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් රැසක් ලබා දීමට අවස්ථාව සලසා දිය හැකිය.
උදා –
● නිවසට ගෙනෙන එළවළු පලතුරු ගණන් කිරිම.
● ගල් කැට ගණන් කිරිම.
● ගෙවත්තේ මල් ගණන් කිරිම.
● නගින බසින පඩි ගණන් කිරීම.
මේ ආකාරයෙන් දරුවා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වන සැම අවස්ථාවකදී ම දරුවා ඇගයීම තුළින් දරුවාගේ ආත්ම අභිමානය වර්ධනය කළ හැකිය. දරුවා ඇලුම් කරන ද්‍රව්‍යමය දිරිගැන්වීම් වෙනුවට සමාජීය දිරිගැන්වීම ඉතාමත් වැදගත් වේ. උදාහරණ ලෙස හිස පිරිමැදීම, සිනහව, ආදරය, හිස නවා සතුට පල කිරිම, තරු ලබා දිම. අත්පොළසන් හඬක් ලබා දීම යනාදිය දැක්විය හැකිය. මේ ආකාරයට දරුවාට ප්‍රියජනක ලෙස සැබෑ අත්දැකීම් යොදා ගනිමින් ක්‍රියාකාරකම්වල නිරතවීම මගින් ඉලක්කම් පිළිබඳ අවබෝධය මනසේ තහවුරු කළ හැකිය.
මුල් ළමා වියේ දී නිවැරදි ලෙස ගණිත කුසලතා දියුණු කිරීමෙන් පාසලේ දී ගණිත විෂය ප්‍රියජනක වනවා සේම එය පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට ද දරුවාට අවස්ථාව ලැබේ.