Thilaka Saha Thilaka

Reference:
Availability: 12 In Stock

රු375.00 රු337.50

තිලක හා තිලකා

12 in stock

Compare

තිලක හා තිලකා ඉලංගරත්නයන් විසින් මවන ලද තිලක්ගේ චරිතය වටා ගෙතුනු ග්‍රන්ත ත්‍රිත්වයේ අවසාන කතාව යි. මෙහි මුල් ග්‍රන්ත දෙක විලම්බීත හා තිලක යි. ශ්‍රී ලාංකීක ජනතාවගේ ස්වෛරීභාවයත් සෞභාග්‍යයත් උදෙසා විසිවන සියවසයේ මැද බාගයේ දී ලිපිකරු කම්කරු ජනතාව ගෙන ගිය සටන මේ කතා වස්තුවට පසුබිම් වී ඇත. ඒ තුළින් දිග හැරෙන මධ්‍යම පාන්තික ලිපිකරුවෙකු වන තිලකගේ මැදිවියේ කතාවයි. තිලක හා තිලකා. මහනුවර අසල හතරලියද්ද නම් ගමේ උපත ලද ඉලංගරත්නයන් රජයේ ලිපිකරුවකු ලෙස මුලදී සේවය කලේ ය. විවේක ලත් විට වේදිකා නාට්‍ය ලිවීමටත්, පුවත්පත්, සගරා යනාදිය කෙටි කතා, නවකතා, නාටක හා ලිපි සැපයීමටත් පුරුදුව සිටි ඔහු, රජයේ සේවයෙන් බැහැර වී දේශපාලනයට පිවිසි තැන් පටන් නවකතා, කෙටිකතා, නාටක හා ළමා කතා රැසක් පාඨක ලෝකයාට ඉදිරිපත් කළේ ය.

කර්තෘ : ටී. බී ඉලංගරත්න