Akalpa Sanwardanaya

Reference:
Availability: In Stock

රු300.00 රු270.00

Akalpa Sanwardanaya

Compare

‘කොළඹ විශ්වවිදභලයේ අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය කෘතහස්ත ලේඛක රෝලන්ඩ්‌ අබේපාල මහතා මෙම කෘතියෙන්‌ ආකල්ප ‘සංවර්ධන ක්‍ෂේත්‍රය විද්‍යාත්මක ලෙස විවරණය කිරීමට සමත්‌ වී ඇත. අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි නියැලී විද්‍යාර්ථීන්ගේ ඉගෙනුම්‌ අවශ්‍යනා සලකමින්‌ ‘සම්පාදිත ආකල්ප සංවර්ධන ක්‍ෂේත්‍රය ආවරණය කැරෙන සිංහලෙන්‌ ලියැවුණු ශාස්ත්‍රීය කෘතියක අඩුව මෙම ග්‍රන්ථය සපුරාලයි. ආකල්ප හා ආකල්ප විභාගයට අදාළ වෙනන්‌ සංකල්ප හා සංරචක නිර්වචනය කිරීමට ආකල්ප සංවර්ධන ක්‍රියාවලියේ ස්වභාවය සවිස්තරාත්මක ලෙස දැක්වීමට සහ ආකල්ප මැනීමේ ශාස්ත්‍රිය ප්‍රවේශ පැහැදිලි කිරීමට මෙම ග්‍රන්ථයේ
පරිච්ඡේද වෙන්‌ වේ. ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින්‌ වන දෙමාපිය, ගුරුවර ආදීන්ට, නිවස, පාසල, වෙනන්‌ සමාජ සංවිධාන, ජන මාධ්‍ය ආදියෙන්‌ ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලසිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථය ද මෙම විවරණයෙන්‌ මනාව දක්වා ඇත. ආකල්ප සංවර්ධන ක්‍ෂේත්‍රයේ පර්යේෂකයින්ට ප්‍රයෝජනවත්‌ අදාළ න්‍යායික සහ ප්‍රායෝගික කරුණු රාශියක්‌ මෙහි අන්තර්ගත වීම ද වැදගත්‌ ය.

මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ කේන්ද්‍රින මානෘකාවක්‌ විවරණය කරමින්‌ විශේෂයෙන්‌ ගුරු පුහුණු ක්‍රියාවලීන්හි නියැළි අධුනික සහ පළපුරුදු ගුරු වෘත්තිකයන්ට ප්‍රයෝජනවන්‌ ශාස්ත්‍රීය ග්‍රන්ථයක්‌ සම්පාදනය කිරිමෙන්‌ කර්තෘ අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයට මහඟු දායකත්වයක්‌ සලසා ඇත. කර්තෘ සිය පෙරවදනින්‌ දක්වා ඇති පරිද්දෙන්ම “අධ්‍යාපන විද්‍යා ශිෂ්‍ය ප්‍රජාවගේ පරියාලෝකයේ නිම්‌ වළලු පුළුල්‌ කිරිමට” ගෙන ඇති මෙම ප්‍රයන්නය අගය කටයුතුය. එම කර්තව්‍යයේ උද්‍යෝගිමත් ලෙස හා කැපවීමෙන්‌ නියැළෙන අබේපාල මහතා නුදුරු අනාගතයේදී ක්‍ෂේත්‍රයට තවත්‌ බොහෝ ශාස්ත්‍රීය කෘති එළි දක්වනු ඇතැයි යන්න අපේ බලාපොරොන්තූව සහ විශ්වාසය යි.

කතෘ – මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

Weight 0.15 kg
Dimensions 14.7 × 22 × 0.5 cm