වාර්ලි ගෝත්‍රික ජනයා ජීවත් වෙන්නේ මහාරාෂ්ට්‍රයේ සහ්‍යාද්‍රි කඳුකරයේ.ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ වී ගොවිතැනයි. වාර්ලි ඇදහීම් අතර ස්වභාවධර්මය වන්දනා කිරීම සහ කොටි දේවතාවා ඇදහීම ප්‍රමුඛත්වය ගන්නවා. විවාහ මංගල්‍යය සහ වෙනත් උත්සව අවස්ථාවල දී සිය මැටියෙන් නිම වූ බිත්ති මත කුරුටු චිත්‍ර ඇඳීම ඔවුන්ගේ චාරිත්‍රයක්.
වචන රහිතව, සිතුවම්වලින් පමණක් නිර්මාණය වූ කතාවක්, මනා අවධානයකින් කියවීමට ඉඩ හසර විවර කරවන මේ පොත පොඩිත්තන්ට අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි.




