4 Step Story Fun Cards – 2 | පියවර හතරක කතා විනෝදය

Availability: In Stock

රු490.00

Compare

පියවර හතරක කතා විනෝදය

දරුවන්ට මෙම පියවර හතරේ කතා කාඩ්පත් ඔස්සේ අර්ථවත්, රසවත් කතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් උදාවන අතර පහත සඳහන් කුසලතාවයන් වර්ධනය කර ගැනීමට ද අත්වැලක් සපයයි. මෙම පෙට්ටිය තුළ කතන්දර 10ක් නිර්මාණය කිරීම සඳහා සිතුවම් සහිත කාඩ්පත් 40ක් ඇතුළත් කර ඇත.

සංවර්ධනය වන කුසලතා

• සිදුවීම් නිවැරදි අනුපිළිවෙලට සකස් කිරීමේ කුසලතාව වර්ධනය වීම.
• පින්තූර නිරීක්ෂණය කර අදහස් හා සිදුවීම් අවබෝධ කර ගැනීමේ හැකියාව වර්ධනය වීම.
• කතාවේ ඊළඟ සිදුවීම ගැන පුරෝකථනය කිරීමට හැකි වීම.
• නිර්මාණශීලී හා තාර්කික සිතීමේ හැකියාව වර්ධනය වීම.
• තම අදහස්, හැඟීම් හා අත්දැකීම් විශ්වාසයෙන් ප්‍රකාශ කිරීමට හැකි වීම.
• පින්තූර ඇසුරෙන් කතා ගොඩනගා පැවසීමේ කුසලතා වර්ධනය වීම.
• වාංමාලාව පෝෂණය වීම සහ කථන භාෂා කුසලතා වර්ධනය වීම.
• සමාජීය සබඳතා හා චිත්තවේග අවබෝධ කර ගැනීමේ හැකියාව වර්ධනය වීම.
• ගැටලු විසඳීමේ හා තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම.
• අවධානය, චිත්ත ඒකග්‍රතාව ශක්තිමත් වීම.
• සතුටින්, ක්‍රියාකාරීව ඉගෙනීමට පුරුදු වීම.

Weight 0.167 kg
Dimensions 17.8 × 14.5 × 1.3 cm
Publisher

IBMC Publications