Dhanathmaka Chinthanaya Ha Dhanathmaka Maowidyawa

Availability: Out Stock

රු300.00 රු270.00

Dhanathmaka Chinthanaya Ha Dhanathmaka Manovidyawa

Out of stock

Compare

“ධනාත්මක චින්තනය” යන්න අද ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය වූ වචන දෙකකි. සාමාන්‍ය කියවීමට හුරු පුරුදු වූ ජනගහණයෙන් වැඩි දෙනෙක්ම මෙම වචන කියවා ඇත. විශේෂයෙන්ම ස්වයං දියුණුව අපේක්ෂා කරන පෞරුෂ සංවර්ධනය කර ගැනීම ගැන උනන්දුව දක්වන හැමෝම පාහේ ‘ධනාත්මක චින්තනය’ සාහිත්‍ය කියවා ඇති බවට සැකයක් නැත. කියවා තිබීම පමණක් ‍නොව එමගින් තම ජීවන චර්යා මෙහෙයවමින් ධනාත්මක චින්තනය මගින් තම ජීවිතව ප්‍රායෝගිකව හැඩ ගස්වා ගැනීමට කටයුතු කරන්නෝ මෙන්ම එමගින් සාර්ථකත්වය මෙන්ම එමගින් සාර්ථකත්වය දෙසට ගමන කළ අයද බොහෝ වෙති.

මෙම කෘතියද එබඳු වූ ප්‍රායෝගික එමෙන්ම ආධ්‍යාත්මික වූ හැඩ ගැසීමකට පාඨකයා ගෙන යනු ලබන්නකි. සැබැවින්ම ධනාත්මක චින්තනයෙන් මදක් ඔබ්බට “ධනාත්මක මනෝවිද්‍යාව” දක්වා පුළුල් වූ දාර්ශනික පසුතලයක් වෙත මෙමගින් පාඨකයා ගෙන යනු ලබයි. අධ්‍යාපන, ළමා වශයෙන් වූ සාමාන්‍ය මනෝවිද්‍යාවේ යම් යම් කොටස් කියවා ඇති ඔබ, මේ කෘතිය මගින් මනෝවිද්‍යාවේ නවතම ශාඛාව වන “ධනාත්මක මනොවිද්‍යාව” කරා කැඳවාගෙන යනු ඇත.

අද අප රට “ධනාත්මක චින්තනය‍‍‍”‍ යම් ජනප්‍රියතාවයක් අත්කර ගෙන ඇත්තාසේම හෙට “ධනාත්මත මනෝවිද්‍යාව” ඒ තැනට පත්වනු ඇත. ඔබත් ඊට පිවිසිය යුතු නොවෙම් ද?

 

කතෘ – මහාචාර්ය රොලන්ඩ් අබේපාල

Weight 0.13 kg
Dimensions 15 × 22 × 0.5 cm