Kopaya Kalamanakaranaya

Availability: In Stock

රු280.00 රු252.00

Kopaya Kalamanakaranaya

Compare

සැබැවින්ම කෝපයෙන් වැළකිය හැකිද? නොඑසේව කෝපය හට ගැනීමෙන්‌ විනිර්මුක්ත විය හැකිද? මනෝවිද්‍යාත්මක විමර්ශනයේදී කෝපය චිත්තවේගික ප්‍රවණතාවක්‌ බව පෙනීයයි. ජීවවිද්‍යාව, සමාජවිද්‍යාව, මනෝවිද්‍යාව හා විවිධ ආගම්වාද අනුවද පෘතග්ජන මිනිසුන්ජ තුළ මෙන්ම, තිරිසන් සතුන් තුළ ද කෝපය ජනිත වීමෙන් වැළැකිය නොහැකිය. එසේම කෝපය පුද්ගලයා කෙරෙහි විනාශකාරී ලස බලපාන බව සක්‌ සුදක්‌ සේ පැහැදිලිය.

මිනීමැරුම හෝ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ වරදට හිරගෙවල දඬුවම් විඳින වරදකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් අධික කෝපය හේතුකොට ගෙන ඒ තත්වයට පත් වූවන් බව දත්ත විශ්ලේෂකයෝ දක්වති. එබැවින් වත්මන් මනෝවිද්‍යාව උත්සුක වන්නේ කෝපය පහළවීම වැළැක්වීමටත් වඩා හසුරුවා ගැනීම හෙවත් කෝපය කළමනාකරණය කර ගැනීමටය.

මම කෘතිය එදිරනදා ජන ජීවිතයෙන් පැන නැගෙන ගැටලු පදනම් කර ගනිමින් කොපය කළමනාකරණය කරගත හැකි විවිධ ආකාර විමර්ශනය කරයි. එමගින් සමාජ ගැටලු ලිහිල්කරණය කර ගැනීමේ හැකියාව පිළිබඳ නිදසුන් නිරූපණය කරයි. එහෙයින් එදිනෙදා ජීවිතයට මනෝවිද්‍යා දැනුම පරිශීලනය කරන පාඨකයාට මෙන්ම, මනෝවිද්‍යාව, උපදේශනය, සමාජ වැඩ ක්ෂේත්‍රවල නියැලි විද්‍යාර්ථින්ටද මෙම කෘතිය කියවීම නිර්දේශ කැරේ.

කතෘ –  රෝලන්ඩ් අබේපාල, අභය බණ්ඩාරනායක

Weight 0.01 kg
Dimensions 14.7 × 21.5 × 0.5 cm