වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පූර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් ‘මුතු අකුරට පෙර’ පොත් පෙළ සම්පාදනය කර ඇති අතර වයස් කාණ්ඩය අනුව කොටස් 2කට වෙන් කර ඇත.
වයස අවුරුදු 3-4ත් අතර පොඩිත්තන්ට පළමු අදියර ලෙස පොත් 4ක්ද වයස අවුරුදු 4-5ත් අතර පොඩිත්තන්ට දෙවන අදියර ලෙස පොත් 6ක්ද සම්පාදනය කර ඇත.
සම්පාදක මඩුල්ල
BA, PGDE, PGDC, MED, MA, MSC (Special Education) MPhil
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයෙකි. විෂයමාලා ගුරු අත්පොත් ළමා ග්රන්ථ සැකසීම් පිළිබඳ වසර 25කට වඩා වැඩි අත්දැකීම් සහිත අධ්‍යාපනඥයෙකි.
ළමා අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ රාශියක් කළ පර්යේෂකයකු වේ.
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික ළමා ලේකම් කාර්යාලයේ පෙර පාසල් අධ්‍යාපන ව්‍යාපෘතියේ බාහිර ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද ක්‍රියා කරයි.
ප්‍රීතිකා සිල්වා
පන්නිපිටිය පැනැස්මෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ආචාර්යවරිය වන ඇය පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ වසර 30ක අත්දැකීම් ලබා ඇති අතර වෘත්තීය නිපුණතා මට්ටම 4
සහ මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක වේ.
නලිනා බ්‍රෝහියර්
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක වන අතර වසර 35කට වඩා අත්දැකීම් සහිත ප්‍රවීණ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියකි.