
Reading Corner එකක් අපේ ගෙදරත් හදමු!
Reading Corner සංකල්පය ලෝකයේ හරිම ජනප්‍රිය එකක්. එය දරුවන්ගේ කියවීම සංවර්ධනය කිරීම උදෙසා කුඩා කාලයේ දී යොදා ගන්නවා.
දරුවන් ආස වර්ණයන්ගෙන් ,වෙනස් ආකාරයේ නිහඬ ස්ථානයක් මේ සඳහා තෝරා ගැනීම වැදගත්.ඒ නිසාම අප සිතුවා දරුවන්ගේ කායික මානසික සංවර්ධනය වෙනුවෙන් බෙහෙවින් උනන්දු වන ඔබට ඔබේ නිවසේත් එවන් ස්ථානයක් සාදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව දැනුවත් කිරීමට.
1.කාමරයක් ම ඕනෙ නැහැ. අපිට පුංචි ඉඩක් ඇති.
ආරම්භයේ දී පොත් රාක්කයක් හෝ මිල අධික දේවල් අපට අවශ්‍ය වන්නේ නැහැ. දරුවන් ප්‍රිය කරන පොත් කිහිපයක් ,පුංචි කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් ,එහෙම නැත්නම් බිත්තියේම සැකසූ පුංචි රාක්කයක් ඉතාමත් ප්‍රමාණවත්.
වඩාත් වැදගත් වන්නේ ඒ දරුවා ප්‍රිය කරන ,ආකර්ෂණය වන ආකාරයෙන් සැකසීම පමණයි. පසුව ඔබේ ආර්ථික තත්ත්වය අනුව මෙය කැමති ආකාරයෙන් නිමවා ගැනීමට පුළුවන්. නමුත් මේ මොහොතේ් වැදගත් වන්නේ ආරම්භ කිරීමයි.
2.නිහඬ තැනක් තෝරාගන්න.
ඝෝෂාකාරී තැනක් හෝ නිතර නිවැසියන් එහෙ මෙහෙ නොයන තැනක් නම් වඩාත් සුදුසුයි. එහෙම තැනක් නිවසේ දැනට නැත්නම් ඒත් කමක් නැහැ. විසිත්ත කාමරයේ කොනක, නිදන කාමරයේ කොනක, කෑම කාමරයේ කොනක හෝ කුඩා ඉඩක් මේ සඳහා තෝරා ගන්නට පුළුවන් .
3.පොත් කියවන්නට ආසනයක්
මෙය පුටුවක්ම විය යුතු නැහැ.දරුවාට නිදහසේ දිගාවී කියවීමට ,පින්තූර බැලීමට සුදුසු ලෙස වැතිරී සිටිය හැකි යමක් වුණත් ඉතාමත්ම සුදුසුයි.හැකි පමණින් එහි සැප පහසුව ගැන සැලකිලිමත් වන්න.
4.සෑම සතියකට ම අලුත් පොතක්
සතියක ඔබේ වියදම ලියා තැබුවහොත් කෙටි කෑම බීම, වෙනත් අනවශ්‍ය වියදම් ඔබේ ඇසට හසුවේවි. ඉතින් ඒවා එක්ක බලද්දි දරුවා වෙනුවෙන් සතියකට එක පොතක් කියන්නේ ලොකු අභියෝගයක් නොවන බව ඔබට හොඳින් ම දැනේවි. අවම වශයෙන් සතියකට එක අලුත් පොතක් හෝ reading corner එකට එකතු කරමු. නිතරම අලුත් වන පොත් එකතුව දරුවා කියවීමට ආකර්ෂණය වීමට ලොකු හේතුවක් වේවි.
5.දරුවාගේ නිර්මාණයන්ටත් ඉඩක්
පොත් කියවන ,පින්තූර බලන දරුවෙකුගේ නිර්මාණශීලි හැකියාවන් නිරන්තරයෙන් ම අවදි වෙනවා. ඉතින් ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙනුත් මේ Reading Corner එකේ කොටසක් වෙන් කරමු. බිත්තියක් හෝ ඒ සඳහා සැකසූ පුවරුවක් හෝ මේ සඳහා යොදා ගන්නට පුළුවන්.
6.නිවසේ විවේකී ම ස්ථානය
Reading Corner එක නිවසේ විවේකී ම ස්ථානය බවට පත්කර ගැනීමට ඔබට පුළුවන් .එහි සිටින සියල්ලන් ම කියවිය යුතුයි. එදින ද සුපුරුදු දග වැඩ වලින් නිදහස් කලාපයක් ලෙසට මේ කොටස ක්‍රමක්‍රමයෙන් පත්වේවි.