
කිරි හඳයා – ළමා කතන්දර
පුංචි දරුවන් වෙනුවෙන් ඉතා උසස් මට්ටමේ පින්තූර කතා පොත් හොයන ඔබට ඒ පොත් පිළිබඳව හඳුන්වා දෙන්නටයි මේ උත්සාහය.
මේ කතාව වී.පී පත්මසීලී ලේඛිකාව විසින් සහ චිත්‍ර එම්.එල්.සුදේශ් කුමාර චිත්‍ර ශිල්පියා විසින් නිම කර තිබෙනවා. ඒ වගේම පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිත පොතක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
පුංචි දරුවෝ සතුන්ට හරිම ආදරෙයි නේද?ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය තමා කිරි හඳයා. කිරි හඳයා, හදිස්සියේ වලකට වැටීම නිසා අසරණ වන කිරි හඳයාගේ අම්මා තමන්ගේ පැටියාව බේරා ගැනීමට කරන උත්සාහය තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
ඒ වගේම කතාව පටන් ගන්නේ කිසියම් හඬක් සමඟ. සුදු පුල්ලි හිතන්නේ වැල ගෙඩියක් වැටුණු බව. නමුත් ඒ වැටිල තියෙන්නෙ වැල ගෙඩියක් නෙමෙයි. කිරි හඳයයි වළකට වැටිලා තියෙන්නේ.
අලියා, වඳුරා, ලේනා, ගිරවු මේ හැමෝම සුදු පුල්ලිට උදවු කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් අන්තිමේ දී මොකද වෙන්නේ ? අවසානය අප හිතනවාටත් වඩා හරිම රසවත්. එය දැන ගන්න නම් පොත කියවන්නට ම වෙනවා. එහෙම නේද ?
දරුවන්ගේ කුතුහලය ඇති කරමින්, එය ආසාවෙන් කියවීමට පොළඹවමින් කතාව නිර්මාණය කර තිබෙනවා. වයස අවුරුදු 5ත් 7ත් අතර දරුවන්ට වඩාත් පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයෙන්, ඊට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කර තිබීම නිසා දරුවාට කියවීම නීරස අත්දැකීමක් වන්නේ නැහැ
.ඒ වගේම සෑම පිටුවක්ම වර්ණ චිත්‍ර වලින් සමන්විතයි.
චිත්‍ර ශිල්පියා සිය කාර්යය මනාව ඉටු කර තිබෙනවා.
කියවීම ආරම්භ කරන දරුවන්ට වගේම, තවමත් අකුරු කියවීමට නොහැකි දරුවන් වෙනුවෙන් ඔබට ඉතාමත් පහසුවෙන් කියවා දිය හැකි පොතක් ලෙසට මේ පොත හඳුන්වන්නට පුළුවන්.
ඉතින් ඔබේ පොඩිත්තාගේ පුස්තකාලයේ අනිවාර්යෙන් ම තිබිය යුතු පොතක් ලෙසට කිරි හඳයා හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම තෑගි දෙන්නටත් කදිම පොතක්.