Opening Hours

MON to FRI - 8:30 am to 5:00 pm

SAT 8:30 am to 1:00 pm

Hotlines

+94 77 221 21 35

+94 77 221 21 72

පළමුවන ශ්‍රේණිය - නව විෂය නිර්දේශය
සිසු පැවරුම් කට්ටලය
සිසු පැවරුම් කට්ටල කොටස් 02කි. පළමු කොටස පළමු වාරය සදහා සිසුන්ට ලබා දිය යුතු පැවරුම් අැතුළත් පැවරුම් පත් කට්ටලයකි. දෙවන කොටස වාරය සදහා සිසුන්ට ලබා දිය යුතු පැවරුම් අැතුළත් පැවරුම් පත් කට්ටලයකි. මෙම සිසු පැවරුම් පොත් හල් මගින් මිලදී ගත නොහැක.

1 ශ්‍රේණිය

රු.80/=

පූර්ව භාෂා කුසලතා (දෘෂ්ටි විභේදන කුසලතාවර්ධනයට සහය)
පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශය අනුව මව්බස ගුරු මාර්ගෝපදේශ අනුව පන්තියේදී ක්‍රියාකාරකම් කිරීමට අවහ්‍ය ක්‍රියාකාරකම් වැඩ පොතකි. මෙම පොත පොත්හල් මගින් ලබාගත නොහැකි අතර පාසලවලට පමණක් ලබා දේ.

1 ශ්‍රේණිය

රු.100/=

පෙර ලිවීමේ කුසලතා
මෙහි සිංහල අකුරු ලිවීම සඳහා අවශ්‍ය හැඩතල තිත් ඉර මත ලිවීමට හා බලා ලිවීමට පිටු 02 බැගින් වෙන්කර ඇත.

1 ශ්‍රේණිය

රු.125/=

අකුරු ලිවීමේ කුසලතා
පළමුවන ශ්‍රේණියට නියමිත සිංහල වර්ණ මාලාවේ අකුරු 36, එක් පිටුවකට එක් අකුර බැගින් ඇතුළත් කර ඇත. පිටු 72කින් සමන්විත පස්රූල් පොතකි.

1 ශ්‍රේණිය

රු.150/=

මුතු අකුරු - 1 ශ්‍රේණිය I කොටස - පෙර ලිවීමේ කුසලතා
පළමුවන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව අකුරුවලට අදාළ හැඩ සහ හැඩ රටා 43ක් තිත් ඉරි මත ඇදීමට හා බලා ඇදීමට ඉඩ වෙන්කර ඇත. මෙම පොත භාවිතයෙන් පෙර ලිවීමේ ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට හැකියාව නිසැකව ම ලැබෙනු ඇත.

2 ශ්‍රේණිය

රු.150/=

මුතු අකුරු - 1 ශ්‍රේණිය II කොටස - අකුරු ලිවීමේ කුසලතා
පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇදීමට හා බලා ලිවීමට ඉඩ වෙන්කර ඇත. මෙම පොත දරුවාගේ අකුරු ලිවීමේ හුරුව වර්ධනය කර ගැනීමට මහත් පිටිවහලක් වේ.

2 ශ්‍රේණිය

රු.180/=

මුතු අකුරු - 1 ශ්‍රේණිය III කොටස - වචන ලිවීමේ කුසලතා
පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ම ඇතුළත් වන පරිදි පිල්ලම් රහිත අකුරු දෙකේ වචන සහ සියලු පිල්ලම් සදහා පිටුව බැගින් වෙන්කර තිත් ඉර මත ඇදීමට හා බලා ලිවීමට ඉඩ වෙන්කර ඇත. මෙම පොත භාවිතයෙන් දරුවාට පිල්ම් සහිත අකුරු ලිවීමට මනා පුහුණුවක් නියත වශයෙන් ම ලැබෙනු ඇත.

2 ශ්‍රේණිය

රු.180/=

මුතු අකුරු - 1 ශ්‍රේණිය IV කොටස - සරල වැකි ලිවීමේ කුසලතා
සියලු පිල්ලම් භාවිත කර වචන 2,3 අන්තර්ගත කරමින් ලියන ලද සරල වැකි සහ රූප බලා වැකි කිහිපයක් ලිවීමට ඉඩකඩ වෙන්කර ඇත. පළමුවන ශ්‍රේණියේ අවසන් වාරය සදහා සුදුසු මෙම පොත භාවිතයෙන් පිල්ලම් සහිත සරල වැකි ලිවීමට මනා පුහුණුවක් ලැබෙනු ඇත.

2 ශ්‍රේණිය

රු.150/=